SLT-MOBITEL Mobile වෙතින් ‘Triple Buddy’

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, ‘Triple Buddy’ නමින් විශේෂ අන්තර්ජාල පැකේජයක් හඳුන්වා දී තිබේ.

Facebook, WhatsApp සහ YouTube යන සමාජ මාධ්‍යයන් භාවිතය සඳහා තරුණ පරපුර ඇතුළුව සියලුම දෙනා අතර ඇති උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම ‘නොනනවතින ඩේටා’ පැකේජය හඳුන්වා දී ඇත.

‘Triple Buddy’ පැකේජය ඔස්සේ කෙනෙකුට මසකට රු. 339 ක් (බදු ඇතුළත්ව) වැනි සුළු මුදලකට නොනනවතින ඩේටා ලබාගත හැකි වේ. සීමාවකින් තොරව Facebook, WhatsApp සහ YouTube නැරඹිය හැකි ආකාරයට සහ අතිරේක 2GB ඩේටා ඇතුළත් වන පරිදි මෙම පැකේජය සැලසුම් කර ඇත.
සමාජයීය ක්‍රියාකාරකම් සඳහා මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහාද සමාජ මාධ්‍ය භාවිතා කිරීමට මේ වනවිට බොහෝ දෙනෙකු පෙළඹී සිටිති. කෙසේ වුවත් මෙම සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී අධික ලෙස ඩේටා වැය වේ. මෙම ගැටලුවට පිළියමක් ලෙස පාරිභෝගිකයන්ට නොනවතින ඩේටා විසඳුමක් ලබාදීමේ අරමුණින් SLT-MOBITEL Mobile විසින් Triple Buddy පැකේජය හඳුන්වා දෙන ලදි.

Triple Buddy පැකේජය ලබාගන්නා පාරිභෝගිකයන්ට තම සිතැඟි පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ හිතමිතුරන් ඇසුරු කිරීමටත්, දැනුම ලබාගැනීමටත්, විවේක අවස්ථා වලදී බාධාවකින් තොරව අන්තර්ජාලයේ සැරිසැරීමටත් හැකියාව ලැබේ. දිවා රාත්‍රී භේදයකින් තොරව කැමති පරිදි Facebook, WhatsApp සහ YouTube භාවිතා කිරීමට හැකිවීම ඔවුන්ට විශාල පහසුවක් වනු නොඅනුමාන ය.

Triple Buddy පැකේජය ලබාගැනීම සඳහා කළ යුතු වන්නේ #170# ඩයල් කර, Content Based Plans සහ ඉන්පසු Triple Buddy තෝරාගෙන, ලැබෙන උපදෙස් අනුගමනය කිරීම පමණි. මීට අමතරව SLT-MOBITEL Selfcare App හරහාද මෙම පැකේජය සක්‍රීය කරගත හැකි වේ. ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙන මෙම පැකේජය පෙරගෙවුම්/පසුගෙවුම් භේදයකින් තොරව ඕනෑම සම්බන්ධතාවක් සඳහා ලබාගත හැකි අතර, https://www.mobitel.lk/triple-buddy හි මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *