ෆේස්බුක් සේවා පැය 06කට පසු යථා තත්ත්වයට – ට්විටර් පරිශීලකයින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ලෙව පුරා බිඳ වැටීමකට ලක්වූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ මැසෙන්ජර් සේවා යථා තත්ත්වයට පත් කර තිබේ.

පැය 06කට ආසන්න කාලයක් එම සේවාවන් අඩාලව පැවැතුණි.

මෙම සේසවන්හි හිමිකාරීත්වය දරණ ෆේස්බුක් සමාගම සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් සමාව ඇයැද තිබේ.

අවසක් වරට ෆේස්බුක් සමාජ ජාලා මෙතරම් දිගු වේලාවකට බිඳ වැටී ඇත්තේ 2019 වසරේ දීය. එහිදී පැය 14ක පමණ කාලයක් බිඳ වැටී තිබුණි.

කෙසේ වෙතත් එම තත්ත්වය හරහා ෆේස්බුක් සමාගමේ කොටස් අගය පහල වැටීමෙන් ඩොලර් බිලියන 5 කට අධික පාඩුවක් සිදුව ඇති බව ද වාර්තා විය.

කෙසේ නමුත් මෙලෙස ලොවපුරා එම සමාජ මාධ්‍ය බිඳවැටීමත් සමග ට්විටර් සමාජ මාධ්‍ය වෙත ආ පරිශීලකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + fourteen =