ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද(05)සිදු විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ ශක්තිමත් බැඳීම් යළි තහවුරු කළ අතර සියලු මට්ටම්හි මෙම පුළුල් සබඳතාවය තවදුරටත් ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කෙරුණි.

පැය භාගයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *