රුවන්ති ගජධීර 2021 Taiwan Fashion Design සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –Academy of Design ආයතනයේ උපාධිධාරිනියක වන රුවන්ති ගජධීර 2021 Taiwan Fashion Design සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය.

යුරෝපය, ඇමරිකාව සහ ආසියාව යන කලාප ඇතුළුව ලෝකයේ විවිධ කලාප නියෝජනය කරන රටවල් 18 ක නිර්මාණ ශිල්පී ශිල්පිනියන් 450 කට අධික පිරිසක් මෙම සම්මාන උළෙලට නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. මෙහිදී රුවන්ති ගජධීර ඉදිරිපත් කළ ‘kǣli–A Sustainable Collection’ නිර්මාණ එකතුවට ප්‍රථම ස්ථානය සඳහා වන සම්මානය සහ ඇමරිකානු ඩොලර් 10,000 ක ත්‍යාගය හිමි විය.

1987 වසරේදී තායිවානයේ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කර්මාන්ත සංවර්ධන කාර්යාංශය සහ තායිවාන ඇඟලුම් සම්මේලනය එක්ව ආරම්භ කරන ලද Taiwan Fashion Design සම්මාන වැඩසටහන 2013 වසරේ සිට ජාත්‍යන්තර තරගයක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, විදේශ රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නිර්මාණ ආයතන නියෝජනය කරන ශිල්පී ශිල්පිනියෝ ඊට සහභාගී වෙති. Lealea Enterprise Co., Ltd., Li Peng Enterprise Co., Ltd., Coddy Global LTD., සහ Fortune Industrial and Commercial Development Foundation වැනි පාර්ශ්ව විසින් මෙවර එම වැඩසටහන අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදි.

COVID-19 හේතුවෙන් සම්මාන උළෙල දුරස්ථ වැඩසටහනක් ලෙස පවත්වන ලද අතර, නාඕ ටකෙකොෂි, ස්ටෙෆනි ඩූ, ක්‍රිස්ටීනා ඩීන්, බලේරියා බෙසෝලෝ යෝපිස්, ජේන් සිංගර්, ටොමොනොරි මත්සුයි, සහ චාලට් චියෑන්ග් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයෝ පිරිසක් මාර්ගගත ක්‍රමයට එහි විනිශ්චය කටයුතු සඳහා එක්වූහ.
Taipei Fashion Week වැඩසටහන් මාලාවට සමගාමීව, Taiwan Fashion Design සම්මාන උළෙලේ අවසන් වටයට තේරුණු ශිල්පී ශිල්පිනියන්ගේ නිර්මාණ සොංග්ශාන් සංස්කෘතික හා නිර්මාණ උද්‍යානයේ Warehouse No. 3 පරිශ්‍රයේ ඔක්තෝබර් 11 දින දක්වා ප්‍රදර්ශනය කෙරේ.

මීට පෙර London Graduate Fashion Week 2021 වැඩසටහනේදීද ජාත්‍යන්තර තරගකරුවන් හා තරගකාරියන් 15 දෙනෙකු සමග තරග වදිමින් දෙවැනි ස්ථානය දිනාගැනීමට රුවන්ති ගජධීර සමත් විය.

ශ්‍රී ලාංකික උරුමය සමග ඉපැරණි ශ්‍රී ලාංකික සංස්කෘතියේ තිරසාරත්ව යාන්ත්‍රණ කිහිපයක් එක්තැන් කරමින් පරිසර හිතකාමී ‘kǣli’ එකතුව නිර්මාණය කිරීමට රුවන්ති ගජධීර සමත් වී ඇත. ප්‍රධාන මූලධර්ම 4 ක් (බලපෑම අවම වීම, අපතේ යාම අවම වීම, කල්පැවැත්ම වැඩි වීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව) පදනම් කරගත් මෙම නිර්මාණ එකතුව ඔස්සේ, තිරසාරත්වයේ නව මාවත් ගවේෂණය කිරීමට නිර්මාණය ශිල්පිනියට හැකියාව ලැබී ඇති අතර, එම නිසා ‘kǣli’ එකතුව පරම්පරා ගණනාවක් පවතින ඇඟලුම් නිර්මාණ එකතුවක් බවට පත්වී තිබේ.

“London Graduate Fashion Week වැඩසටහනේ 30 වන සංවත්සරයේදී සුවිශේෂී, තිරසාර Catwalk නිර්මාණ එකතුවක් සමගින් ජාත්‍යන්තර සම්මාන කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගනිමින්, ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට රුවන්ති ගජධීර සමත් වුණා.” Graduate Fashion Foundation London හි සභාපති ඩග්ලස් මැක්ලෙනන් මහතා පැවසී ය.

Academy of Design හි පරමාර්ථය වී ඇත්තේ දක්ෂතා සපිරි ශ්‍රී ලාංකිකයන් ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාම සහ, සියලු දෙනා වෙනුවෙන් වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කරමින් රටේ අභිවෘද්ධිය උදෙසා දායක වීමට තරුණ නිර්මාණ ශිල්පී ශිල්පිනියන්ට අවස්ථාව සලසා දීමයි. Academy of Design යනු නිර්මාණාත්මක සිහින යථාර්ථයන් බවට පත්කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී ආයතනයක් වන අතර, එක්සත් රාජධානියේ Northumbria University School of Design සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් ඔස්සේ එය ක්‍රියාත්මක වේ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට පෙනී සිටි සිසු සිසුවියන්ට Academy of Design සමග එක්වී විලාසිතා සහ නිර්මාණකරණය සම්බන්ධ උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබේ.

සතියේ දිනවල පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර අංක 477, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 04 යන ස්ථානයේ පිහිටි Colombo Innovation Tower වෙත පැමිණීමෙන් Academy of Design පාඨමාලා පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැක. එමෙන්ම 0775727772 දුරකථන අංකයෙන් සහ [email protected] ඊමේල් ලිපිනයෙන්ද විමසීම් සිදුකළ හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *