තැපැල් දෙපාර්තමේන්තුවටත් ශාක නිරෝධායන මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර තැපැල් දිනය නිමිත්තෙන් ශාක නිරෝධායන මධ්‍යස්ථානයක් තැපැල් දෙපාර්තමේන්තු පරිශ්‍රෙය් දී ඊයේ(09) ආරම්භ කෙරුණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් විවෘත කෙරුනු මෙම මධ්‍යස්ථානය, වරයා හා ගුවන් තොටුපල පරිබාහිරව ආරම්භ කළ පළමු ශාක නිරෝධායන මධයස්ථානය වේ.

මෙම මධ්‍යස්ථානය පිහිටුවා ගැනීමෙන් තැපැල් මඟින් මෙරටට ගෙන්වනු ලබන බීජ හා ශාක පැලෑටි ඇතුළු කෘෂීකාර්මික අමුද්‍රව්‍ය කඩිනමින් පරික්‍ෂාවට ලක්කර ශාක සත්ත්ව හෝ භූමියට අහිතකර නොවන දෑ කඩිනිමින් මුදා හැරීමට හැකි වීම කෘෂි ව්‍යවසායකයින්ට මහත් අස්වැසිල්ලක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නව මධ්‍යස්ථානය පිහිටුවීමෙන් කිසිදු ආකාරයකින් මෙරටේ ශාකවලට සත්වයින්ට හෝ භූමියට අහිතකර කිසිවක් රටට ඇතුල් කිරීමට අවස්ථාවක් නොමැති බවද ඇමතිවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *