යොහානිත් එක්ක සල්මන් ඛාන් “මැණිකේ මගේ හිතේ” ගයයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින “මැණිකේ මගේ හිතේ” ගීතය යොහානි සමඟ එක්ව ගැයීමට සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ද එක්ව තිබේ.

ඒ ඉන්දියාවේ පැවති ජනප්‍රිය රූපවාහිනී සංදර්ශනයකදීය.

ඉන්දියාවේ පවත්වනු ලැබූ ප්‍රසංග මාලාවෙන් ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගත් යොහානි ද සිල්වා එරට ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් හා ප්‍රසංග කිහිපයකට පසුගියදා එක්විය.

“බිග්බොස් ෆිෆ්ටීන්” විචිත්‍රාංග මාලාවේ “වීක් එන්ඩි කාවා” වැඩසටහනට එක්වෙමින් සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් “මැණිකේ මගේ හිතේ” ගීතය ගයන ආකාරය යොහානි සමඟ පුරුදු වී තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − three =