ආයෝජකයින් දැනුවත් කිරීමට Ex-Pack වෙතින් සුවිශේෂී සැසියක්

(කොළඹ, ලංකාපුවත්) –Ex-Pack Corrugated Cartons සමාගම සිදුකිරීමට අපේක්‍ෂිත මූලික කොටස් නිකුතුව සඳහා සති කිහිපයක් ඉතිරිව තිබිය දී, ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සඳහා විශේෂ සැසියක් සංවිධානය කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

2021 ඔක්තෝබර් 12 වන දින පෙරවරු 10 සිට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම සැසිය මගින් ඊට සම්බන්ධ වන ආයෝජකයින්ට සහ අනෙකුත් පුද්ගලයින්ට පොදු කොටස් නිකුතුව (IPO) පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා දීමට මෙන් ම, ඔවුන්ට ඇති ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කර ඒවා නිරාකරණය කරගැනීමේ අවස්ථාව ද උදාකර දෙයි.

කොරුගේටඩ් ඇසුරුම් (Corrugated Cartons) නිපදවීමෙහි මෙරට ප්‍රමුඛයා මෙන් ම ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම සිදුකිරීමට නියමිත මෙම ප්‍රථම පොදු කොටස් නිකුතුවේ (IPO) දී එක් කොටසක් රුපියල් 8.40 බැගින් කොටස් 83,333,333 ක් ආයෝජකයන් වෙත මුදාහරිමින් වෙළෙඳපොළ ප්‍රාග්ධන අගය රුපියල් බිලියන 2.8 ක් සහ රුපියල් මිලියන 700 ක වර්ධනයක් අපේක්ෂාකරන අතර අති නවීන පහසුකම්වලින් යුත් කර්මාන්තශාලාවක් සඳහා රුපියල් බිලියන 3ක ආයෝජනය කිරීමටද එම සමාගම තීරණයකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *