පාසැල් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න අලුතින් කිරි සැකසුම් මධ්‍යස්ථාන06ක්

(කොළඹ, ලංකාපුවත්) –දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර යටතේ මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කෙරේ.

එක් කිරි සැකසුම් මධ්‍යස්ථානයකින් දිනකට කිරි ලීටර් පන්දහසක් බැගින් මෙම මධ්‍යස්ථාන හය තුළ දිනකට කිරි ලීටර් 30,000ක් සකස් කිරීමට නියමිතය.

වෙන්නප්පුව, අත්තනගල්ල, වාරියපොල, පොළොන්නරුව, නාවලපිටිය හා යෝජිත කිරි සැකසුම් මධ්‍යස්ථානවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

මෙම සෑම කිරි සැකසුම් මධ්‍යස්ථානයකට අනුබද්ධව කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන පහ බැගින් ස්ථාපිත කිරිමට ද නියමිතය. මෙමඟින් අදාල ප්‍රදේශවල කිරි ගොවියන් 12,000 කට පමණ සාධාරණ මිලකට කිරි අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබෙන බැවින් ඔවුන්ගේ මාසික ආදායම ඉහළ නංවා ගැනිමට අවස්ථාව හිමිව තිබේ.

මෙම එක් කිරි සැකැසුම් මධ්‍යස්ථානයක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 450 ක් බැගින් ලබා දී ඇති බව ද, මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර වෙන්නප්පුව, වාරියපොල, අත්තනගල්ල හා පොළොන්නරුව කිරි සැකැසුම් මධ්‍යස්ථානවල කිරි සකැසුම් කටයුතු ආරම්භ කළ යුතු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කිරි සැකසුම් මධ්‍යස්ථාන භාර ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ඇතුළු අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ද කිරි සැකසුම් මධ්‍යස්ථානවල ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *