සමෘද්ධිය මගින් පවුල් ඒකක ලක්ෂ දෙකහමාරක් ආදායම්ලාභින් කිරීමේ ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හමුවේ රටේ දිළිදු කම පිටු දැකීමේ අරමුණින් මේ වර්ෂය අවසාන වන විට සමෘද්ධි අමාත්‍යාංශය මගින් මෙරට පවුල් ඒකක ලක්ෂ දෙකා හමාරක් ස්වයං රැකියා හා වෙනත් ආදායම් ලාභින් බවට පත් කරන බව ද සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය , ස්වං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යා ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සමෘද්ධි අමාත්‍යංශයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේය,

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යා ශෙහාන් සේමසිංහ මහතා,

අපි ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි සමාජ ආරක්ෂණ මණ්ඩලය පිළිබඳ විශේෂ අවධානයක් මේ වන විට යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය කලක් බොහෝම හොදින් ක්‍රියාත්මක වුණ ආයතනයක්. සමාජ ආරක්ෂණ මණ්ඩලය ස්ථීර රැකියාවක් කරන්නේ නැති ස්වයං රැකියා සහ වෙනත් ආදායම් මත තමන්ගේ ජීවිකාව අරගෙන යන අයට අවුරුදු 60 න් පස්සේ තමන්ගේම කියලා විශ්‍රාම වැටුපක් සකස් කරගන්න පුලුවන් වැඩ සටහනක් මේ වන විට හදුන්වා දී තිබෙනවා.

මෙම ආයතනය ඉස්සර සක්‍රීය වී තිබුණත් කලක් යන විට මෙහි ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා තිබ්බා. අද වන විට සාමාජකයින් ලක්ෂ 07 ක් සිටියත් ක්‍රියාකාරි සාමාජිකයින් ඉන්නේ ලක්ෂ දෙකක් පමනයි. මේ පිළිබඳයි අපි අවධානය යොමු කළේ. ඒ අනුව රජයේ සේවකයාට ලැබෙන වවිශ්‍රාම වැටුපට දෙවැනි නොවන ආරක්ෂාවක් ස්වයං රැකියා කරන කණ්ඩායමට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.

කොරෝනා නිසා රජයේ ඉලක්ක බලාපොරොත්තු වූ වේගයෙන් ඉටු කරන්න බැරි වෙලා තිබුණත් සැලකිය යුතු වර්ධනයක් සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් සාමාජිකයින් බදවා ගැනීමේදී ඇති කරලා තිබෙනවා.

අපේ රටේ එක පැත්තකින් රාජ්‍ය සේවකයා ශක්තිමත් කරන්න රජය කටයුතු කරන විට මේ වර්ෂයේ සමෘද්ධි අමාත්‍යාංශය හරහා පමනක් ස්වයං රැකියා හා වෙනත් ආදායම් ලබන පවුල් ඒකක දෙලක්ෂ පනස් දහසක් රට තුළ නිර්මාණය කරනවා. මේ තුළින් රටේ දිළීදු කම පිටු දකින්න අපි බලා පොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *