ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්තප්‍රිය රාමනායක සමුගනී

(කොළඹ, ලංකාපුවත්) –ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකුද වූ වසන්තප්‍රිය රාමනායක මහතා අද (14) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ”දෙසතිය ‘ පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන සංස්කාරක ලෙස ද වසන්තප්‍රිය රාමනායක මහතා කටයුතු කර ඇත.

වසන්ත ප්‍රිය රාමනායක මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකි. ඒ මහතා ”පෙරමඟ ” සඟරාවේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ”දෙසතිය” සඟරාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේ ය

. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ වසන්ත ප්‍රිය රාමනායක මහතා, දේශපලන හා ආර්ථික විචාර ලිපි පුවත්පත් රැසකට සම්පාදනය කළ ප්‍රවීනයෙක් විය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස ද වසන්ත ප්‍රිය රාමනයක මහතා කටයුතු කර ඇත.

පත්‍ර කලා වෘත්තීය සමිති ව්‍යාපාරයේ ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ රාමනායක මහතා ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළ අතර ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ නිර්මාතෘවරයා ද වන්නේ ය.

කලක් රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත ප්‍රිය රාමනායක මහතා, දෙදරු පියෙකි.

ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ Respect හි තැන්පත් කර ඇත.  අවසන් කටයුතු හෙට (15) ප.ව. 3.00 බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − one =