දිවයින පුරා විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් නගා සිටුවීම අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් නගා සිටුවීම පිළිබඳවද වත්මන් රජය අවධානය යොමු කළ බවත් ඒ හරහා දිවයින පුරා තෝරාගත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් හට දිස්ත්‍රික්ක මට්ටමින් අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

ඒ අනුව ආරම්භ කළ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමින් ඊයේ(13) රාජ්‍ය ඇමැති වරයා එසේ සදහන් කළේය.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මැතිතුමා හා සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව, ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.

මෙම වැඩපිළිවෙල යටතේ අනුරාධපුර දිස්ත්‍රිකයේ නව කර්මාන්තකරුවන් හට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට මුල්‍ය ආධාර සහ දැනට කර්මාන්තයේ නියැළි සිටින පුද්ගලයින් හට මුල්‍ය අධාර ලබාදීම සිදු විය.

එම ආධාර මුදලට අමතරව විසිතුරු මත්ස්‍ය කර්මාකනතකරුවන් හට ණය මුදල් පහසුකම් ලබා ගැනීමට රාජ්‍ය බැංකු හරහා සම්බන්ධීකරණයද සිදු කිරීමට නියමිත බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු අදියර ලෙස මුලික අවශ්‍යතා සම්පුර්ණ කල ප්‍රතීලාභින් හට මුල්‍ය ආධාර ලබා දීම රාජ්‍ය ඇමැතිවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රීක් ලේකම් ජනක ජයසුන්දර, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ වසන්ත, සහකාර අධ්‍යක්ශක මහින්ද වීරකෝන්, දිස්ත්‍රික් ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජයබාහු සෙනරත් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභී මහත්ම මහත්මීන් සහභාගි වූහ.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =