ශ්‍රී ලංකාව අවදානම් කලාපයෙන් එළියට එයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත්ඇතුළත් කරනු ලැබ ඇති බව පැවසූ හම්දානි මහතා දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීම සැලකිල්ලට ගෙන ඔවුන් එම තීරණයට පැමිණ ඇති බව කීවේය.

කොරෝනා සැලකිය යුතු ලෙස පාලනය වූ රටවල් ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයට බවත් ජනතාව පරිස්සම්කාරි ලෙස කටයුතු නොකළහොත් යළි රතු කලාපයට ඇතුළු විය හැකි හෙයින් කොළ කලාපය රැක ගැනීම ජනතාවගේ යුතුකමක් බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600ත් 700ත් අතර සංඛ්‍යාවක් දක්වාද රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද 175ක් දක්වාද පහත බැස ඇති බවත් දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද 50ට අඩු මට්ටමට පැමිණ ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ‍ය.

කොරෝනා තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසු රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1100 දක්වා ඉහළ ගිය බවද අන්වර් හම්දානි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *