හරිත කෘෂිකර්මාන්තය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස විජිත් වැලිකල මහතා පත්කර තිබේ.

හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වාගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම, විවිධ භෝගවලට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගැනීම සහ එම පොහොර නිෂ්පාදනය දියුණු කිරීම මෙන්ම කෘමිනාශක හා වල්නාශක දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙම කාර්යසාධක බලකායේ කාර්යයන්වලට ඇතුළත්වේ.

එහි සෙසු සාමාජිකයින් ලෙස,

ලලිත් සෙනවිරත්න, කසුන් තාරක අමල්, මාලින්ද සෙනෙවිරත්න, රසික තුසිත කුමාර, ආචාර්ය බී.කේ.ජි.කාවන්තිස්ස, සමන්ත ප්‍රනාන්දු, සමුදිත කුමාරසිංහ, අජිත් රන්දුනු, එන්.එම් කලීඩ්, ශම්මි කිරින්දේ, නිර්මලා කරව්ගොඩ, චමින්ද හෙට්ටිකන්කානම්ගේ සහ නිශාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 5 =