පළාත් සංචරණ සීමා පරීක්ෂාවට මාර්ග බාධක 158ක්

(කොළඹ, ලංකාපුවත්) –පළාත් අතර සංචරණ සීමා පරීක්ෂාව සඳහා මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇති බව පොලිසිය පවසයි.

අධිවේගී මාර්ගයේද එම පරීක්ෂාකිරීම් ක්‍රියාත්මකය.

තවදුරටත් මහජන ඒකරාශීවීම්වලින් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා දැනුම් දෙයි.

මේ අතර ගෙවුණු දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *