DFCC බැංකුවේ‘රන් වරම’රන්භාණ්ඩ උකස් සේවාවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක්

(කොළඹ, ලංකාපුවත්) – DFCC බැංකුව සිය‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩිකිරීමට මේවනවිට කටයුතු කර තිබේ.

COVID – 19 හේතුවෙන් රටතුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා බොහෝ පවුල්වලට මුහුණ දීමට සිදුවී ඇති ආර්ථික ගැටලුවලට සහනයක් ලෙස මෙම සේවාව පුළුල් කිරීමට බැංකුව තීරණය කර ඇත. මෙම උකස් සේවාව යටතේ, වයස අවුරුදු18ට වැඩි සහ තමන් සතු භාණ්ඩවල හිමිකාරීත්වය තහවුරු කිරීමේ හැකියාව සහිත ඕනෑම කෙනෙකුට රන්භාණ්ඩ උකස් තබා මුදල් ලබාගත හැකිවේ.

කැරට් 18 සිට 24 දක්වා රන්භාණ්ඩ මෙම සේවාව සඳහා භාර ගැනෙන අතර, නවීනතම උපකරණ භාවිතයෙන් එම රත්‍රන් තක්සේරුවට ලක්කෙරේ. කැරට් 24 සඳහා අත්තිකාරම් වටිනාකම රු. 82,000ක්ද, කැරට් 22 සඳහා අත්තිකාරම් වටිනාකම රු. 68,000ක්ද වන අතර, මාසික පොලිය 0.75% කි. මෙම රන් ණය පහසුකම් ලබාගන්නා පුද්ගලයන්ට තම හැකියාව අනුව අදාළ මුදල ආපසු ගෙවීම සඳහා මාස12ක් දක්වා කාලයක් හිමිවේ.

තවද තරගකාරී පොලී අනුපාත යටතේ ඉහළම අත්තිකාරම් මුදලක් හිමිවීම, රහස්‍යභාවය සහ රන් භාණ්ඩවල ආරක්ෂාව සහතිකවීම, නම්‍යශීලී ගෙවීම් පහසුකම්, අවශ්‍ය අවස්ථාවලදී සහ පූර්ව දැනුම්දීමකින් තොරව රන් භාණ්ඩ බේරා ගැනීමේ හැකියාව යනාදී තවත් වාසි රැසක්ද DFCC බැංකුව සිය රන් වරම උකස් සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත ලබාදී ඇත.

කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිව, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමගින් DFCC රන් වරම රන් ණය පහසුකම් පිරිනැමීමට DFCC බැංකුව සූදානමින් සිටී.

මෙම සේවාව සම්බන්ධ වැඩිදුර තොරතුරු ළඟම පිහිටි DFCC ශාඛා වෙතින් හෝ DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය වන www.dfcc.lkවෙතින් ලබාගත හැකිවේ. එමෙන්ම පැය 24 පුරාක්‍රියාත්මක +94(11)2350000 පාරිභෝගික සේවා අංකය ඇමතීමෙන්ද වැඩිදුර තොරතුරු ලබා ගතහැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *