මෙරට පළමුවරට සය නිවුන් දරු උපතක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට පළමු සය දරු උපත අද(21) අලුයම් කාලයේදී සිදුව තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව ඇත්තේ අද අළුයම 12.16 ත්12.18 අතර කාලය තුළදීය.

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුය.

31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6දෙනාම ‍යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔවුන් අතරින් එක් දරවෙක් පමණක් මේ වන විට දැඩි වෛද්‍ය පරීක්ෂාව යටතේ පසුවන අතර මෙම සය නිවුන් දරුවන්ගේ මව සහ පියා කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *