අවුරුදු 16න් ඉහළ ළමුන්ට හෙට සිට කොචිඩ් එන්නත

(කොළඹ, ලංකාපුවත්) – අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ සියලු පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට (22) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *