කොවිඩ් ලබන වසර දක්වා පැවතිය හැකියි – WHO

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගත තත්ත්වය ලබන වසර දක්වා පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතවරයෙක්වන වෛද්‍ය බෲස් ඇල්වෝඩ් පෙන්වා දෙනුයේ, ලොව පුරා දරුණු ව්‍යයසනයක් බවට පත්ව ඇති කොවිඩ් වසංගත තත්ත්වය මෙසේ තවත් අවුරුද්දක කාලයකට ඇදී යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් තුළ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල අඩාලව පැවතීම බවයි.

ඒ හේතුවෙන් රෝග ව්‍යාප්තිය තවදුරටත් සිදුවන බව සදහන් කෙරේ.

අප්‍රිකානු මහද්වීපයට අයත් රටවල ජනගහණයෙන් 5% කටත් වඩා අඩු ප්‍රතිශතයකට පමණක් මේ දක්වා එන්නත් ලබාදී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කර ඇ‍ත. එවැනි වාතාවරණයක් මත කොරෝනා පිටුදැකීම අපහසු කාර්යයක් වන බැවින් ධනවත් රටවල සහයෝගය මේ සඳහා අත්‍යාවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *