කොටස් වෙළෙඳපොළ යළි වාර්තාගත ලෙස ඉහළ යයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසය යළිත් වරක් අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,800 සීමාව ඉක්මවා යෑමට සමත්ව තිබේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,800 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වෙයි. ඊයේ (21) දිනය නිමා වනවිට කොළඹ කොටස් වෛළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,881.50 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 172.36 ක වර්ධනයක් වෙයි.

එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.78 ක වර්ධනයක් බව කොළඹ කොටස් වෙළෙඳපොල පවසයි. මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඊයේ දිනය නිමා වනවිට ඒකක 3,572.70 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 19.25 ක වර්ධනයකි. සාපේක්ෂව එය සියයට 0.54 ක වර්ධනයක් බවද කොළඹ කොටස් වෙළෙඳපොල පෙන්වාදෙයි.

දිනය නිමා වනවිට දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 4.26 ක් ලෙසය. මහින්ද අලුත්ගෙදර කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසය යළිත් වරක් අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,800 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබේ. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 9,800 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වෙයි.

ඊයේ (21) දිනය නිමා වනවිට කොළඹ කොටස් වෛළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,881.50 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 172.36 ක වර්ධනයක් වෙයි. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.78 ක වර්ධනයක් බව කොළඹ කොටස් වෙළෙඳපොල පවසයි. මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඊයේ දිනය නිමා වනවිට ඒකක 3,572.70 ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 19.25 ක වර්ධනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *