කොවිඩ් මර්දනයට අමෙරිකාවෙන් කෝටි 50ක්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වසංගතයට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙමින් හදිසි කොවිඩ් ආධාර වශයෙන් රුපියල් කෝටි 50ක (අමෙරිකානු ඩොලර් මිලියන 2.5) මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා හදිසි කොවිඩ් ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මෙම ආධාරය සුරක්ෂිත සහ ක්‍රියාකාරී කොවිඩ් 19 එන්නත් ගැනීම සඳහා ඇති සාධාරණ ප්‍රවේශය තව දුරටත් වේගවත් කරමින් කොවිඩ් 19 ආමන්ත්‍රණය කිරීමට සෞඛ්‍ය සේවකයන්ට ඇති හැකියාව ශක්තිමත් කරනු ඇති බවද එම තානාපති කාර්යාලය පෙන්වා දෙයි. එක්සත් ජනපදය, ප්‍රජා පළාත් සහ ජාතික මට්ටමේ හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගෙන කොවිඩ් 19 ආමන්ත්‍රණය කිරීමට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජනපද ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් මහතා පවසයි. ඊට අමතරව මෙම පරිත්‍යාගය සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවා ආයතන තුළ ආසාදනය පාලනය සඳහා පුද්ගලාරක්ෂක උපකරණ කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය සේවකයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීමටත් උපකාර වෙයි. එසේම එන්නත් බෙදාහැරීම සම්බන්ධීකරණය, ෆයිසර් එන්නත් ගබඩාකරණය සඳහා ශීතකරණ පහසුකම් ලබාදීම සහ එන්නත්කරණය සිදුකිරීමට කාර්ය මණ්ඩලයට ඇති හැකියාව ශක්තිමත් කිරීම යන කටයුතු සඳහා ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ආධාර ප්‍රයෝජනයට ගන්නා බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ දී වසංගතය පැතිර යන්නට පටන් ගත් කාලයේ සිට මේ දක්වා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 17.9ක් දී තිබෙන අතර මේ ආධාර රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් වෙත ළඟා වී ඇති බවද කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන්ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමටත්, වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම් අවම කිරීමටත් උපකාරී වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *