Ex-Pack පොදු කොටස් නිකුතුවේ දී මිනිත්තු කිහිපයක් ඇතුළත අපේක්ෂිත ප්‍රාග්ධනය ඉක්මවා යයි

(කොළඹ | ලංකාපුවත්) –Ex-Pack Corrugated Cartons සමාගම ඊයේ(22)දිනෙයේ දී රුපියල් මිලියන 700 ක පොදු කොටස් නිකුතුවක් සිදුකළ අතර, මිනිත්තු කිහිපයක් ඇතුළත දී අපේක්ෂිත ප්‍රාග්ධනය ඉක්මවා ගියේය.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සමාගමේ රෙජිස්ට්‍රාර්වරයා සඳහන් කළේ ඊයේ(22) පස්වරු 4.30 ට මෙම කොටස් නිකුතුව අවසන් කිරීමේ නිවේදනය නිකුත් කරන බවයි.

මෙම පොදු කොටස් නිකුතුවේ සම කළමනාකරුවන් වන Capital Alliance සහ Asia Securities යන සමාගම් අදහස් දක්වමින් කියා සිටියේ, මෙම මූලික කොටස් නිකුතුව කෙරෙහි ආරම්භයේ සිටම ආයෝජකයින්ගේ සුවිශේෂී උනන්දුවක් පැවති බවයි.

මෙහි දී රැස් කරන ලද ප්‍රාග්ධනයෙන් රුපියල් බිලියන 3 ක් නිෂ්පාදන අංශයේ සංවර්ධනය සඳහා යෙදවීමට නියමිත අතර, එමගින් දැනට මෙට්‍රික් ටොන් 2650 ක් ලෙස පවතින නිෂ්පාදන ධාරිතාව 2025 වසර වන විට මෙට්‍රික් ටොන් 4,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. එමෙන් ම තම ආයෝකයින්, පාරිභෝගිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට Ex-Pack Corrugated Cartons සමාගම කැපවන බව එම සමාගම අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *