ප්‍රමුඛතම කණ්ඩායම්වලට තෙවැනි මාත්‍රාව දෙන්න ‘ෆයිසර්’ ලක්ෂ 24ක් ගෙන්වයි

(ලංකාපුවත් | කොළඹ) – ඉදිරි පෙළ සෞඛ්‍ය අංශ ඇතුළු ප්‍රමුඛතම කණ්ඩායම් සඳහා තුන්වන මාත්‍රාව ලබාදීමට නොවැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ෆයිසර් එන්නත් ලක්ෂ විසි හතරක් මෙරටට ආනයනය කරන බව ‍‍ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුරයේදී පෙරේදා (23) පැවසීය.

ඔක්තෝබර් මාසය තුළ දී ෆයිසර් එන්නත් ලක්ෂ තුනක් ද නොවැම්බර් මාසයේදී ෆයිසර් එන්නත් ලක්ෂ විසි එකක් ලැබීමට නියමිත බවත් දකුණු ආසියානු කලාපයේ තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දෙනු ලබන පළමු රට ශ්‍රී ලංකාව වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මේ වනවිට මෙරට කොරෝනා වසංගතයට එරෙහිව එන්නත් කිරීමේ වැඩපිළිවෙළේ අවසන් අදියරට පැමිණ තිබෙන බවත් මේ වන විට ශ්‍රී ලාංකිකයන් එක්කෝටි පනස් ලක්ෂයකට පළමු මාත්‍රාවත් එක් කෝටි තිස් ලක්ෂයකට මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට වයස අවුරුදු දාසයත් දහනවයත් අතර පාසල් ළමුන් සහ නව යොවුන් තරුණ තරුණියන් සඳහා පළමු එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ෆයිසර් එන්නත යොදාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *