කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (25) ඒකක 10,000 සීමාව ඉක්මවා යෑමට සමත්ව තිබේ.

ඒ අනුව ඊයේ (25) දිනය නිමා වනවිට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,046.80ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 131.58ක වර්ධනයක් වෙයි. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.33ක වර්ධනයක් බවද කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඊයේ දිනය නිමා වනවිට ඒකක 3,652.61ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 46.89ක වර්ධනයකි. සාපේක්ෂව එය සියයට 1.30ක වර්ධනයක් බවද කොළඹ කොටස් වෙළෙඳපොළ පෙන්වා දෙයි.

දිනය නිමා වනවිට දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 6.85ක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *