ජාත්‍යන්තර සුපිරි ක්‍රිකට් තරු දෙකක් Jaffna Kings සමඟ එක්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරලිකරුවන් වන ෆෆ්ඩූප්ලෙසිස්(Fafdu Plessis) සහ වහබ් රියාස්(Wahab Riaz)පළමුවරට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟ බිමට ප්‍රවිශ්ට වීමට නියමිතය.

ඒ අනුව දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඩූ ප්ලෙසිස්Jaffna Kingsකණ්ඩායමේවිදේශීය Icon player ලෙසත් පකිස්තානු ක්‍රීඩක වහබ් රියාස් විදේශීය Diamond player ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක් වනු ඇත.

දකුණු අප්‍රිකානු ජාතිකක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ඩූ ප්ලෙසිස් ජාත්‍යන්තර ක්‍රිකට් වංශයේ වෙනමම පරිච්ඡේදයක් ලියා තැබූ සුපිරි ක්‍රිකට් තරුවක් වෙයි.පසුගිය දශකය තුළ දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ස්ථාවරම පිතිකරුවන් අතර ප්‍රමුඛයෙකි. ඔහු මේ වන විට ටෙස්ට් තරඟ 69ක්, එක්දින තරග 143ක් විස්සයි විස්ස තරග 50ක් සහ IPL  තරඟ 100ක් සඳහා සහභාගී වූ ප්‍රවීනයෙකි. T20 තරඟ බිමේ අවස්ථාගණනාවකදීඔහු සතු මෙමසුවිශේෂී දක්ෂතාඋපයෝගී කරගත්අතර2014 හා 2016 T20ලෝක කුසලානතරඟාවලි සඳහා ඩූ ප්ලෙසිස් දකුණු අප්‍රිකානුනායකයා බවට පත් විය. ඔහු 2016 දී දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකත්වයද භාරගත් අතර 2017 දී ක්‍රිකට්ක්‍රීඩාවේ සියලුම ආකෘතිවල පූර්ණ කාලීන නායකත්වයභාර ගත්තේය. එක්දින ලකුණු 5000 සීමාව පසුකරන දසවන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්වන ප්ලෙසිස් පසුගිය දා පැවැතිIPL අවසන් මහා තරගයේ වීරයා වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහනය ද හිමිකර දෙමිනි. එම තරගයේ දී ඔහු පන්දු 59ක දී වේගවත් ලකුණු 86ක් ලබාගැනීමට සමත් වෙයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ලකුණු 633ක් ලබාගන්නා ප්ලෙසිස් එම තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වන්නේ ලකුණු දෙකක වෙනසකින් වීම ද විශේෂත්වයකි.

Jaffna Kings සමඟ එක්වන අනෙක් ජාත්‍යන්තර සුපිරි ක්‍රීඩකයා වන්නේ පකිස්තානයේ වහබ් රියාස් ය.  ඔහු ප්‍රවීන වමත්වේගපන්දු යවන්නකු වන අතර දකුණත් පිතිකරුවකුද වෙයි.බොහෝ ජාත්‍යන්තර T20 ක්‍රිකට් තරඟාවලි සඳහා ක්‍රීඩා කර ඇති පළපුරුදු ක්‍රීඩකයකු වන වහබ් රියාස් 2015 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී තුන් ඉරියව්වෙන්මදස්කම්දක්වා ලොව පුරාපිළිගැනීමට ලක්විය. වහබ් රියාස් පැයට කිලෝමීටර 150කට වඩා වැඩි වේගයකින් පන්දු යවන භයානක පන්දු යවන්නකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රචලිතය. ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 303ක දී කඩුළු 361ක් ලබාගන්නා රියාස් එක්දින තරග 91ක දී කඩුළු 120ක් දවාගැනීමට සමත් වෙයි.

2010 වර්ෂයේ දී එංගලන්තයට එරෙහිව ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති ටෙස්ට් තරගයේ දී රියාස් ලකුණු 63කට කඩුළු 5ක් දවාගැනීමට සමත් වන්නේ එම දක්ෂතාවය පෙන්වූ නව වැනි පකිස්තානු ක්‍රීඩකයා බවට ද පත්වෙමින්.වහබ් රියාස්ගේ හොඳම එක්දින කඩුළු ලබාගැනීම වාර්තා වන්නේ 2011 ලෝකකුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී ය. එහිදී ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 46කට එක්දින කඩුළු 5ක් දවාගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි.‍

Jaffna Kingsසමඟ එකතු වන අනෙකුත් දෙස් විදෙස් ජාත්‍යන්තර ක්‍රීඩකයින් පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *