‍‍ශ්‍රී ලංකා නිෂ්පාදන චීනය තුළ ප්‍රවර්ධනයට අවබෝධතා ගිවිසුම්

(ලංකාපුවත් | කොළඹ) – චීන – ශ්‍රී ලංකා ආර්ථික හා ‍වෙළඳ සහයෝගතා සංගමය චීන CZK කර්මාන්ත සමූහය හා හුනාන් ඉදි කිරීම් ඉංජිනේරු සංගමය සමග අව‍බෝධතා ගිවිසුම් දෙකකට එළඹෙයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන චීනයේ ප්‍රචලිත කිරීමට අදාළව එම ගිවිසුම්වලට අත්සන් තැබිණ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා‍‍ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

එහිදී අදහස් දැක්වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා‍‍ පැවසුවේ අනාගතයේ දී වාර්ෂිකව චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට චීන සංචාරක මෙහෙයුම්කරුවන් සමග සමීපව කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ ඇති අයෝජන අවස්ථා පිළිබඳව ද හෙතෙම එහිදී විස්තර කළේය.

චීන ශ්‍රී ලංකා ආර්ථික හා ‍වෙළෙඳ සහයෝගතා සංගමයේ සභාපති හා ‍‍බෙයිජිං ශ්‍රී රෝඩ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චිරන්ජය උඩුමුල්ලගේ මහතා සඳහන් කළේ මෙම ගිවිසුම්වලට අනුව ශ්‍රී ලංකාවේ බිස්කට් හා ශ්‍රී ලංකාවේ තේ චීනයේ ග්වන්චෝ නගරයෙන් පිටත්වන අධිවේගී දුම්රිය තුළ අලෙවි කෙරෙන බවයි. මෙය ශ්‍රී ලංකාවේ සන්නාම ප්‍රවර්ධනය සඳහා චීනයෙන් ලද ඉතා වටිනා අවස්ථාවක් බව ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *