INSEE සිමෙන්ති දේශීය ඉල්ලුම සපුරාලීමට සිය මෙහෙයුම් කටයුතු සංවිධානගත කරයි

(ලංකාපුවත් | කොළඹ) –INSEE සිමෙන්ති වර්තමානය වන විට ටොන් මිලියන 3.6 ක උපරිම නිෂ්පාදන හා ආනයන ධාරිතාවකින් යුක්තවන සමාගමක්වන අතර,දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මගහරවා ගනිමින් සිය ආනයනආශ්‍රිතමෙහෙයුම්කටයුතු ක්‍රමවත් කිරීමසඳහා තවත් නැව් දෙකක් එක් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාරුපියල අවප්‍රමාණ වීමත් සමග ම සිමෙන්ති ආනයනය කරන ආයතනවල මෙහෙයුම් කටයුතු එකවරමපහත වැටුණු අතරඑමනිසා මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය විය.මෙරටඑකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වශයෙන් INSEEසිමෙන්ති සමාගමක්පසුගිය කාලවකවානුව පුරා රට තුළ පවතින සිමෙන්තිහිඟයට හැකි උපරිමයෙන් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටී.

INSEE සිමෙන්ති ආයතනයේප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝනවරෝ මහතාමේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත වැඩකටයුතුකිසිඳු බාධාවකින් තොරව,සාර්ථකලෙස පවත්වාගෙන යාමට සහයෝගය ලබා දීම සඳහා INSEE සිමෙන්තිආයතනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින්තම උපරිම නිෂ්පාදන ධාරිතාව ලබා දීමටකැපවෙනවා.දේශීය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වනසිමෙන්ති ආනයනකරුවන් තමන් සතු සිමෙන්ති තොග වෙළෙඳපොළට නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින්රට තුළ කෘත්‍රිමසිමෙන්ති හිඟයක් නිර්මාණය කළා. අවාසනාවකටපවතින තත්ත්වය මත සිමෙන්ති අපනයනය කරන විදේශ නිෂ්පාදකයින්ට තම රටවල ඉල්ලුමපවා සපුරාලීමටනොහැකි තත්ත්වයක් උදා වී තිබෙන නිසා මෙරටට සිමෙන්ති ආනයනයකිරීම බිඳවැටීම හේතුවෙන්දේශීයසැපයුම් දාමය නැවත පණ ගැන්වීමට අපහසු තත්ත්වයක් උදා වී තිබෙනවා.ඒ නිසා අද රජයපාලන මිල ඉවත් කළත්රට තුළසිමෙන්ති හිඟයක් පවතිනවා. අපගේ සංවිධානගතමෙහෙයුමට තවත් අමතර ආනයන යාත්‍රා දෙකක් එක්කිරීමෙන් මෙම අභියෝගයට යම් තරමකින් හෝ විසඳුම් ලබා දීමටINSEE සිමෙන්ති ආයතනය උත්සාහ කරනවා.” යනුවෙනි.

ආනයන කටයුතු සඳහා අතිරේක යාත්‍රා දෙකක් යෙදවීමට අමතරව, INSEE සිමෙන්තිආයතනයසිය
පාරිභෝගිකප්‍රජාවවෙතනිෂ්පාදන සැපයුම අඛණ්ඩව සිදුකිරීම සඳහාමෙන් ම,INSEE නිෂ්පාදන වෙත ආකර්ෂණය වෙමින්සිටින පාරිභෝගිකජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා සිය සැපයුම්හා බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.

INSEE සිමෙන්ති නිෂ්පාදනඅතරින්සංස්ථා සහ මහවැලි මෙරීන් ප්ලස්යන ගෘහස්ථ සිමෙන්ති නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලාංකේය ආකල්පය පිළිබඳව එම සමාගම ඉතා හොඳින්අවබෝධ කරගෙන සිටී. ආනයනික සිමෙන්ති මත යැපීම අඩු කළ යුතුබව විශ්වාස කරන INSEE සිමෙන්තිආයතනය සිය නිෂ්පාදනධාරිතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් රටතුළදැනට පවතින සිමෙන්ති හිඟයට විසඳුම් ලබා දීමට කටයුතු කරනඅතර,ඊට සමගාමීව පුත්තලම සහ ගාල්ලයන ප්‍රදේශවල පිහිටි සිය කම්හල් දෙකෙහි ගෘහස්ථ නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට සහ ප්‍රශස්ත කිරීමට එමආයතනයඅපේක්ෂා කරයි. නිරන්තරයෙන් සිය පාරිභෝගිකජනතාවවෙත පහසුකම්සැලසීම සඳහා කැපවනINSEE සිමෙන්තිආයතනයරට තුළ පවතිනසිමෙන්ති හිඟයහැකි ඉක්මණින් නිමා කිරීම සඳහාවිසඳුම් ලබා දෙන බව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =