අයහපත් කාලගුණයෙන් විසිදෙනෙකුට දිවි අහිමි වෙයි

(ලංකාපුවත් | කොළඹ) –අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විසිදෙනෙකු මිය ගොස් තිබේ.

දිස්ත්‍රික් 23 ක පවුල් දාහත්දහස් හාරසිය අසූ එකකට අයත් පුද්ගලයින් හැටදෙදහසකට අධික පිරිසක් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රිදීගම කොරොස්ස උඩවත්ත කන්ද නායයාමෙන් අඹුසැමි යුවළක් මියගොස් තිබේ. නායයාමෙන් පැය 8 කට පසුව ඔවුන්ගේ සිරුරු සොයා ගැනුණි. රිදීගම ප්‍රදේශයේ තවත් ස්ථාන තුනක නායයාම් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *