කාලගුණික ආපදාවන් පිළිබඳ ගෝලීය දර්ශකයේ ශ්‍රී ලංකාව 31වන ස්ථානයට

(ලංකාපුවත් | කොළඹ) – කාලගුණික අපදාවන් පිළීබඳ ගෝලීය අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වන ස්ථානයට පැමිණ ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

2017 දී ලෝක කාලගුණික අවදානම් දර්ශකය මගින් ශ්‍රී ලංකාව කාලගුණික ආපදාවන්ට ලක් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින රටක් ලෙස සඳහන් කළ අතර එහි 109 වැනි ස්ථානය හිමි වී තිබිණි. 2019 කාලගුණ අවදානම් දර්ශකය අනුව මේ වන විට 31වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පැමිණ සිටීම සැලකිල්ලට ලක්විය යුතු කරුණක් බවද අමරවීර මහතා කියයි.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අද (10) පරිසර අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී ,වර්තමානයේ අප රටේ කාලගුණික අවදානම් තත්ත්වයන් නිසා මතුව ඇති ගැටලු සම්බන්ධව අදහස් පළ කරමිනි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කරන ලද තක්සේරුව අනුව රටෙහි ජනගහනයෙන් සියයට 30- 38ක් අතර ප්‍රමාණයක් ජීවත් වන්නේ නාය යාම් අවදානම් සහිත ප්‍රදේශවල බවත් ඉඩම් ප්‍රමාණය අනුව සළකා බලන විට එය සමස්ත ඉඩම්වලින් සියයට 20-30 අතර ප්‍රමාණයක් බවත් ඇමැතිවරයා මෙහිදී අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *