වරාය සේවකයින්ගේ දියවැඩියා රෝග පරීක්ෂාවක්

(ලංකාපුවත් | කොළඹ) –නොවැම්බර් 14 දිනට යෙදුනු ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය කොට්ඨාශය සංවිධානකල වැඩසටහනක් අද(15) කොළඹ වරායේදි පැවැත්විණ.

වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි වැඩිසටහන සංවිධාන කෙරුණි.

ලොව පුරා ව්‍යාප්ත වන දියවැඩියා රෝගය වැළැක්වීම හා පාලනය කිරීම මෙහි අරමුණයි. දියවැඩියාව ලොව ප්‍රධාන බෝ නොවන රෝගයක් වන අතර 2045 වන විට ගෝලීය වශයෙන් මිලියන 700 ක් පමණ පිරිසක් දියවැඩියා රෝගයට ගොදුරු වනු ඇතැයි අනුමාන කෙරේ.

දියවැඩියා රෝගය පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය කොට්ඨාශය පසුගිය දින කිහිපයේම කොළඹ සහ අනෙකුත් වරායන්හි සේවක මහත්ම මහත්මීන්ගේ දියවැඩියා රෝග පරීක්ෂා සිදු කල අතර ජාතික ආර්ථිකය ශක්තිමත් කරන වරාය අධිකාරියේ 10,000 ක පමණ සේවක මණ්ඩලය නිරෝගී සුවයෙන් ආරක්ෂා කර ගන්නේ වෛද්‍ය කොට්ඨාශයයි.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ,අධ්‍යක්ෂවරු,කොට්ඨාශ ප්‍රධානීන්,ප්‍රධාන වෛද්‍ය නිළධාරී (වැ.බ.),වෛද්‍යවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *