තවත් ගුවන් ගමන් දෙකක් අරඹමින් එමිරේට්ස් මෙරට සංචාරක කර්මාන්තයට දිරිදෙයි

(ලංකාපුවත් | කොළඹ) –කොවිඞ්-19 වසංගතයෙන් පසුව බොහෝ ප‍්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් ගමන් සීමාවන් ලිහිල් කරමින් තිබීම හමුවේ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දිරිගැන්වීමට එමිරේට්ස් ගුවන් සමාගම නොවැම්බර් 15 වනදා සිට ශ‍්‍රී ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව තවත් දෙකකින් වැඩිකර තිබේ.

ඩුබායි කේන්ද්‍ර කරගත් සම්මානනීය ගෝලීය ගුවන් සේවය සඳහන් කරන්නේ මෙම අමතර ගුවන් ගමන් සමග සමාගම විසින් ඩුබායි සහ කොළඹ අතර සිදුකරන සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව සතියකට 14 ක් දක්වා වර්ධනය වන බවයි. මේ අනුව, සමාගම විසින් කොළඹ සහ මාලේ අතර සිදුකරන දෛනික ගුවන් ගමන් සමග එමිරේට්ස් විසින් සතියකට කොළඹට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ යන බව සමාගම සඳහන් කරයි.

මේ වනවිට ඩුබායි සිට කොළඹට සතියේ දින 5 ක් කි‍්‍රයාත්මක වන EK650 එමිරේට්ස් ගුවන් ගමන නොවැම්බර් 15 දින සිට අඟහාරුවාදා සහ බදාදා දවස් වල ද කි‍්‍රයාත්මක කරන බව සමාගම පවසයි. මේ අනුව, මෙම ගුවන් ගමන පැය 02:40 ට ඩුබායි වෙතින් පිටත් වී කොළඹට පැය 08:25 ට පැමිණෙන බවත් නැවත EK651 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පැය 09:55 ට පිටත්වී පැය 12:55 ට ඩුබායි වෙත ළඟාවන බවත් සමාගම සඳහන් කරයි.

මෙම ගුවන් ගමන් සඳහා එමිරේට්ස් තම නවීන Boeing 777-300ER ගුවන් යානය යොදවා තිබෙන අතර පළමු පන්තියේ මගීන් සඳහා පෞද්ගලික කුටි, ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා දිගාවිය හැකි ආසන සහ ඉකොනොමි පන්තියේ මගීන් සඳහා වඩාත් ඉඩකඩ තිබෙන ආසන වලින් යුක්තව මෙම ගුවන්යානා නිර්මාණය කර ඇත. මේ ආකාරයෙන් වැඩිකරන අමතර ගුවන් ගමන් වලින් කොළඹට ඇති ආසන ප‍්‍රමාණය සතියකට 712 කින් වැඩිවන අතර එමිරේට්ස් ස්කයිකාර්ගෝ විසින් සතියකට ඩුබායි සහ කොළඹ අතර එක් දෙසකට ප‍්‍රවාහන කරන ගුවන් භාණ්ඩ ප‍්‍රමාණය ටොන් 40 කින් වැඩිවන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹට පැමිණෙන සහ කොළඹින් යන ගුවන් මගීන් සඳහා එමිරේට්ස් සම්මානනීය සේවාවන් සහ කර්මාන්තයේ ප‍්‍රමුඛතම සත්කාර සේවා ගුවනේදී සහ ගොඩබිමදී සියළුම පන්තියේ මගීන්ට ලබාදෙන අතර ප‍්‍රණීත ආහාර පාන වලින් සප්පායම් වෙමින් එමිරේට්ස් හි සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතියේ පහස විඳීමේ අවස්ථාවද මෙහිදී මගීන්ට හිමිවේ. මෙම විනෝදාස්වාද පද්ධතිය තුළ සිනමා, රූපවාහිනී වැඩසටහන්, ක‍්‍රීඩා, හඬ කැවූ පොත් සහ සංගීතයෙන් පිරුණු නාලිකා 4,500 කට වැඩි ගණනක් භාෂා 40 කට වැඩි ප‍්‍රමාණයකින් ඉදිරිපත් කරයි.

කොවිඞ් වසංගතයෙන් පසුව එමිරේට්ස් විසින් සිය ගෝලීය ජාලය නැවතත් තිරසාර සහ සුරක්ෂිත ලෙසින්  ක‍්‍රමානුකූලව ගොඩනගමින් තිබෙන අතර මගී ගමනාන්ත 120 කට වැඩි ප‍්‍රමාණයකට යළිත් මගී ගුවන් ගමන් කටයුතු ආරම්භ කර තිබේ. මේ තුළින් මගීන්ට ඩුබායි හරහා ඉතා පහසුවෙන් ඇමරිකාවට, යුරෝපයට, අප‍්‍රිකාවට, මැදපෙරදිගට සහ ආසියා පැසිෆික් කළාපයට සංචාරය කිරීමේ අවස්ථාව උදාකර ඇත.

තම මගීන්ගේ සෞඛ්‍ය ප‍්‍රමුඛතම වගකීම බවට පත්කර ගනිමින් එමිරේට්ස් විසින් ගුවන් ගමනේ සියළුම අදියරයන් සඳහා සුරක්ෂිත ක‍්‍රමවේද මාලාවක් හඳුන්වා දී තිබේ. ඩුබායි ගුවන්තොටුපොළ හරහා ගමන් කරන මගීන්ගේ පහසුව වර්ධනය කරමින් සමාගම විසින් පසුගියදා ‘කන්ටැක්ට්ලස්’ තාක්ෂණය හඳුන්වා දුන් අතර ගුවන් ප‍්‍රවේශපත් වෙන්කර ගැනීමට නම්‍යශීලී සහ කාරුණික ප‍්‍රතිපත්තියක්ද හඳුන්වා දෙන ලදී. මීට අමතරව, බහු අවධානම් රක්ෂණාවරණය තවත් දීර්ඝ කිරීමට සහ වඩාත් පක්ෂපාතී ගනුදෙනුකරුවන්ට වඩාත් ප‍්‍රතිලාභ ලබාදීමටද සමාගම පියවර ගෙන ඇ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *