මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමේ තීරණයක

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එළඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වන බවයි.

නොවැම්බර් 21 සිට දෙසැම්බර් 3 දක්වා පැවැත්වෙන එම තරගාවලිය පැවැත්වේ.

මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආතර් පත් කර ඇති බව ක්‍රීඩා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − seventeen =