ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද(19) උදෑසන ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරතවිය.

අනුරාධපුර ඓතිහාසික පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැ දකිමින් ආශිර්වාද ලබා ගත්තේය. එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පැවති කිරි ආහාර පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

එමෙන්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට පැමිණි ජනතාව සමගද කතාබහ කරමින් තොරතුරු විමසා බැලීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *