වයස 62දී මඩුගල්ලේගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

(ලංකාපුවත් | කොළඹ) –ජගත් ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා නව ලෝක වාර්තාවක් පිහිටුවයි.

දින පහේ ටෙස්ට් ක්‍රිකට් තරග 200ක් තරග තීරකවරයකු ලෙස කටයුතු කළ පළමු තීරකවරයා ලෙස ඉතිහාසගත වෙමින් 62 හැවිරිදි මඩුගල්ලේ මහතා ඊයේ(21) මේ වාර්තාව පිහිටු වූයේ ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරමිනි.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රංජන් මඩුගල්ලේ මහතා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු ද වෙයි.
මඩුගල්ලේ මහතාගේ සේවය අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. රන්ජන් මඩුගල්ලේ මහතා අන්තර්ජාතික එක්දින තරග 369ක, විස්සයි 20 අන්තර්ජාතික තරග 125ක, ලෝක කුසලාන එක්දින තරග 14ක, ලෝක කුසලාන විස්සයි 20 තරග 8ක, තරග තීරකවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු කොළඹ රාජකීය විදුහලන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී වසර 9ක් ජාතික පිල නියෝජනය කොට පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂ පරිපාලකයකු බවට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *