ඩෙල්ටා උප ප්‍රභේද ව්‍යාප්තිය ගැන අනතුරු ඇඟවීම්

(ලංකාපුවත් | කොළඹ) – නව ඩෙල්ටා උප ප්‍රභේදය පාසල් ළමුන් සහ තරුණයින් අතර සුලබව පැතිර යන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, සම්පූර්ණ එන්නත්කරණයට ලකවූ පිරිසට මේ වනවිට කොවිඩ් – 19 වැළඳීම සුළු හෙම්බිරිසාවක් වැනි තත්ත්වය ලෙස පෙන්නුම් කරන බවයි.

ඒ අනුව බොහෝ පිරිසක් එය නොසලකා හරින තත්ත්වයක් දක්නට ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, නොසලකා හැරීම තුළ රෝගය තවත් අයෙකුට බෝ වීමට ඇති හැකියාව වැඩි බවයි.

ඒ අනුව උණ, හෙම්බිරිසා ගතියක් තිබේ නම්, එය කොවිඩ් – 19 වීමට ඇති ඉඩකඩ ඉතාමත් ඉහළ බැවින් සහ එය වෙනත් අයෙකුට බෝ වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් 19 පරීක්ෂාවක් සිදු කර ගැනීම වඩාත් සුදුසු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *