රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම් දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) – රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම් නිකොලායි පැට්රුෂෙව් (Nikolai Patrushev)මහතා අද (22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එරට ආරක්ෂක මණ්ඩල කාර්යාලය විසින් මේ බව නිවේදනය කර ඇතැයි TASS පුවත්පත් සේවය වාර්තා කරයි.

ආරක්ෂක ගැටලු පිළිබඳ උපදේශන පැවැත්වීම රුසියානු ආරක්ෂක කවුන්සිල ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *