විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

(ලංකාපුවත් | කොළඹ) – අද සිට (22) සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් 150කට පමණක් විදේශ ‍අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සිය සේවා සපයන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විද්‍යුත් සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එම අංශයේ පසුගිය සතිය තුළ සහතික කිරීමේ කටයුතු අඩාල වී තිබිණ.

ඒ තුළින් සිදුවූ අපහසුතාවය පිළිබඳව ‍විදේශ අමාත්‍යාංශය සිය කණගාටුව පළකර තිබේ.

වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා දුරකතන අංක 011-2338812 හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමග සම්බන්ධ විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *