සමස්ත ජනගහනයෙන් 70%කට කොවිඩ් එන්නතේ 3 වැනි මාත්‍රාව සූදානම්

(ලංකාපුවත් | කොළඹ) –මෙරට ජනගහනයෙන් 70%කට කොවිඩ් තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත දීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් මිලියන 14 1/2ක් මේවන විට අප සතුව තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ප්‍රශ්න හා අභියෝග මධ්‍යයේ කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව දීම ආරම්භ කළ බවත් මේ ආකාර වැඩපිළිවෙළකට යොමුව තිබෙන්නේ ලෝකයේ රටවල් කිහිපයක් පමණක් බවත් ඒ මහතා කීය.

සෞභාග්‍යයේ දැක්මට අනුව ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලිවන 11.5ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කරන ලද ගලගෙදර එළමල්පොත දූල්ලෑව මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (21) ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ දියුණු රටවල් පවා දැඩි අසීරුතාවට පත්වෙද්දී අප කොවිඩ් පාලනය කරන අතර රටේ සංවර්ධන වැඩ කටයුුතු ද අඛණ්ව ක්‍රියාත්මක කළේ යැයි හෙතෙම පැවසුවේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අධ්‍යාපනපති කහගල ශීලානන්ද හිමි සහ විදේශ අමාත්‍ය ජී.එල් පීරිස්, තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.බී සමරකෝන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් ඒකනායක යන මහත්වරු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *