Jaffna Kings පුහුණු උපදේශකත්වය හේමන් බදානිට

(ලංකාපුවත් | කොළඹ) – 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL)තරඟාවලිය සඳහා Jaffna Kings කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ (coaching staff) උපදේශකවරයා ලෙස පළපුරුදු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු සහ දෙවන ශ්‍රේණියේ සුදුසුකම්ලත් පුහුණුකරුවකුද වනහේමන් කමල් බදානි පත්කෙරේ.

සාර්ථක මැදපෙළ පිතිකරුවකු මෙන්ම දක්ෂ පන්දු රකින්නකු ද වන හේමන් බදානි2010වර්ෂයේ දී චෙන්නායි සුපර් කිංග්ස් සමඟ IPL ගිවිසුමක් ලබා ගැනීමට ද සමත් වේ. විසිතුන් හැවිරිදි තරුණ වියේ පසුවෙද්දී ඉන්දීය එක්දින කණ්ඩායමට එක්වූ ඔහුඅජේ ජඩේජාගේ හිස්තැන පිරවීමට වඩාත් සුදුසුක්‍රීඩකයකු ලෙස අවධානය දිනාගැනීමට ද සමත් විය.නොදැවී කඩුල්ලේ රැඳීසිටීමට සමත්ක්‍රීඩකයකු ලෙස හඳුනවාදිය හැකි බදානිඑක්දින තරග 40කට සහ පළමු පෙළ තරග 100කට වඩා ක්‍රීඩා කර ඇති පළපුරුදු ක්‍රීඩකයකු වෙයි. ඔහුවාර්තා කළදක්ෂකම වූයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පූනේ හිදී ලබාගත් වේගවත් ශතකයයි.

හේමන් බදානි දුලීප් කුසලානය සඳහා දකුණු කලාප කණ්ඩායම (South Zone Team)සහ තමිල්නාඩු ප්‍රිමියර් ලීගයේ CSG හි ප්‍රධාන පුහුණුකරුවිය. පුහුණුකරුවකු සහ උපදේශකයකු ලෙස බදානිගේ දක්ෂතා පෙන්නුම් කරන මෙම කණ්ඩායම් සියල්ලම ඔවුන්ගේ තරඟාවලිවල කැපී පෙනෙන දස්කම් දක්වා තිබීම විශේෂත්වයකි. බදානි ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පිතිකරණයේ වෘත්තීය පුද්ගලික පුහුණුකරු ලෙස ද කටයුතු කරඇත.පුහුණුකරන කාර්යයේ දී ඔහු අත්පත් කරගත් සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් රාජධානියේ ලෙස්ටර් ක්‍රිකට් ඇකඩමිය (Leicester Cricket Academy)සමඟ වැඩ කිරීමට ද ඔහුට අවස්ථාව ලැබුණි.

පිටියේදී උපායශීලී ක්‍රීඩකයකු වන බදානි Star Sport සහ BCCI සමඟ කටයුතු කළ ක්‍රීඩාලෝලීන් ඇදබැඳ ගැනීමට සමත් ක්‍රිකට් විස්තර විචාරකයෙකි. ඔහු පසුගිය වසරේ LPL තරඟාවලියේ දී ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ උපදේශකවරයා ලෙසකටයුතු කරමින් තම උපදේශකත්වයකෙරෙහි විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි බව ඔප්පු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − two =