පාරු අනතුරට සැකකරුවන් 03ක් අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) –කින්නියා ප්‍රදේශයේ කුරින්ජන්කේනි කලපුවේ ඊයේ (23) පෙරළී ගිය පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙම අනතුරින් එහි ගමන් කළ පාසල් ළමුන් ඇතුළු 20දෙනෙකු තුවාල ලබා 06දෙනෙකු මරණයට පත්විය.

අනතුරින් මියගිය අය අතර වයස අවුරුදු 03ත් 08ත් අතර ළමුන් සිව් දෙනෙකු, වයස අවුරුදු 32ක කාන්තාවක් හා වයස අවුරු 70ක පිරිමි පුද්ගලයෙකු වේ. මෙහිදී තුවාල ලැබූ පිරිසෙන් 18දෙනෙකු කින්නියා රෝහලේ ද, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය යන රෝහල්වල එක් තුවාලකරුවෙකු බැගින් ද මේවන විට ප්‍රතිකාර ලබයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද(24) පාලම් පාරුවේ අයිතිකරු හා පාරුවේ පැදිකරු ත්‍රිකුණාමලය පොලිසියට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. පාරුවේ ගමන් කුලිය ලබාගන්නා පුද්ගලයා ද කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35, 40 හා 53 වයස්වල පසුවන පෙරියාතමුණ, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

සැකකරුවන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =