රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය කිරීමට අවසර

(ලංකාපුවත් | කොළඹ) –රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

ඒ අනුව 2021 අප්‍රේල් මස 26 වෙනිදා පලකරනු ලැබූ රසායනික පොහොර, පළිබෝධනාශක, කෘමිනාශක, වල්නාශක ආනයනය තහනම් කිරීමේ ගැසට් නිවේදනය අද සිට අවලංගු කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 3 =