ඉදිරි දිනවල තද වැසි

(ලංකාපුවත් | කොළඹ) –දිවයිනට ගිනිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එහි බලපැම හේතුවෙන් නැඟෙනහිර, උතුරු-මැද, ඌව පළාත්වලත්, මුලතිව්, වව්නියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *