ඉදිරි මාස 04දී කොවිඩ් නිසා විය හැකි පූරෝකථනයක්

(ලංකාපුවත් | කොළඹ) – යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ ඇතැම් ප්‍රදේශවල තවත් ලක්‍ෂ 07කට ආසන්න පිරිසක් කොවිඩ් 19 රෝගය හේතුවෙන් මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ඒ ඉදිරි මාස 04ක කාලය තුළදීය.

යුරෝපා සංගමයට අයත් රටවල් 53ක සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂ 15 මේවන විටත් ඉක්මවා ඇතැයි එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

යුරෝපා සංගමයේ රටවල් 49ක ප්‍රධාන රෝහල්හි දැඩි සත්කාර ඒකකවලට ඇතුලත් කෙරෙන රෝගීන් සංඛ්‍යාව වැඩි විය හැකි බවට අනුමාන කෙරේ. එම සංගමයේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 4,200ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය තෙමස සමඟ සංසන්දනය කරන විට දෙගුණයක වැඩිවීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *