හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

(ලංකාපුවත් | කොළඹ) – හිටපු අමාත්‍යවරයෙකු වූ සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස ද දීර්ඝ කාලයක් ක්‍රියා කළේය.

1980, 1990 දශකයේ මෙරට දේශපාලනයේ පෙරළිකාර ප්‍රබල චරිතයක් වූ සිරිසේන කුරේ මහතා කොළඹ නගරාධිපති ධුරයට පත්වූයේ 1979 වසරේ දීය. එතැන් සිට 1989 වසර දක්වා වසර 10ක් කොළඹ නගරාධිපතිවරයා ලෙස ඒ මහතා කටයුතු කළේය.

1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වු සිරිසේන කුරේ මහතා එතැන් සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යධුර කිහිපයක කටයුතු කර තිබුණි.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 90 හැවිරිදි වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − fourteen =