කටුනායක ගුවන්තොටුපොළට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්

(ලංකාපුවත් | කොළඹ) –ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළුවීමට ඉඩ නොතැබීමට කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

මේ වන විටත් නව ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති බව කියා සිටි ඒ මහතා මින් ආරක්ෂා විය හැකි වන්නේ නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව සිටීම බවද අවධාරණය කළේය.

රට වසා දැමීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *