නිවසක් ගිනි ගැනීමෙන් 08හැවිරිදි දැරියක් මරුට

(ලංකාපුවත් | කොළඹ) –වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් එහි සිටි වයස අවුරුදු 08ක දැරියක පිළිස්සී මියගොස් තිබේ.

නිවසේ කාමරයක් තුළ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එහි වහළය පිළිස්සී නිවස තුළට කඩා වැටී තිබෙනවා. එම කාමරයේ නිදා සිටි දැරිය ගින්නට හසු වී පිළිස්සී මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඇයගේ මිත්තණිය සහ 13 හැවිරිදි සහෝදරිය අසළ කාමරයක සිට ඇති අතර ඔවුන් පිටතට දිවගොස් දිවි බේරාගෙන ඇත.

සිද්ධිය සැල වූ වහාම වැලිගම පොලිසිය මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩපවත්වා තිබේ. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හෝ අනෙකුත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැත. ගෑස් සිලින්ඩරය මීට සතියකට පෙර අවසන්ව තිබී ඇති බැවින් නව ගෑස් සිලින්ඩරයක් මිලදී ගෙන නොමැති බැවින් ගෑස් ආශ්‍රිත කාරණයක් නිසා මෙම ගින්න ඇති වී නොමැති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බවද පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතය.

වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *