තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (02) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූ දෙදහස් හාරසියයක් මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබීය. කිලෝග්‍රෑම් එක්දහස් දාහතරක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 32 ක අසුරා තිබුණි.

මේ අතර තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

දෙසැම්බර් පළමු වැනි දිනට අදාළව ඊයේ (01) දිනයේ එම තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අතර වයස අවුරුදු 60ට වැඩි මරණ 15ක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 11ක් වෙයි.

ඒ අනුව, මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,372ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *