විදුලිය බිඳ වැටීම් ගැන CIDයෙන් පරීක්ෂණ

(ලංකාපුවත් | කොළඹ) –දිවයිනේ ප්‍රදේශ රැසක වූ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය කරන ලද පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසීය.

එම කණ්ඩායමේ නිලධාරීන් අදාළ ස්ථාන නිරීක්ෂණය කර ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *