JAT Holdings PLCඅධ්‍යක්ෂ මණ්ඩලයට නිශාල් ප්‍රදිනාන්දු

(ලංකාපුවත් | කොළඹ) –JAT Holdings PLCඅධ්‍යක්ෂ මණ්ඩලයට නිශාල් ප්‍රදිනාන්දු මහතා පත්කර ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළේ ය. 2017 වසරේ සිට නිශාල් ප්‍රදිනාන්දු මහතා JAT Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස සේවය කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ සමාගම කැපීපෙනෙන දියුණුවක් අත්කරගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට නිශාල් ප්‍රදිනාන්දු මහතා, JAT HoldingsPLC හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට අමතරව, විධායක අධ්‍යක්ෂ වරයෙකු ලෙසද කටයුතු කරනු ඇත. ඒ මහතා JAT Holdings PLC හි දෙවැනි විධායක අධ්‍යක්ෂ වරයා වන අතර, ඒ මහතාට අමතරව JAT Holdings PLC හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා එම සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි.

JAT Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර ප්‍රදිනාන්දු මහතා 2010 වසරේ සිට 2017 වසර දක්වා මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ ය. කළමනාකරණ ගණකාධිකරණ පසුබිමක් සහිත නිශාල් ප්‍රදිනාන්දු මහතා Harvard Business School හි ආදි විද්‍යාර්ථියෙකු වන අතර, University of Wales වෙතින් තම MBA උපාධිය හිමිකරගෙන තිබේ.

“නිශාල් ප්‍රදිනාන්දු මහතාගේ හැකියාව හා පළපුරුද්ද කෙරෙහි විශ්වාසය තැබීම නිසා JAT Holdings PLCසමාගමට විශාල යහපතක් සිදුවුණා. ඔහුගේ දක්ෂ නායකත්වය සහ තීරණ ගැනීමේ හැකියාව අප බෙහෙවින් අගය කරනවා. JAT Holdings PLCසමාගම ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වෙමින්ඉදිරියටයනගමනේදීප්‍රදිනාන්දු මහතා එහි දියුණුව උදෙසා සුවිශාල කාර්යභාරයක් ඉටුකරනු ඇති බව අපට විශ්වාසයි.” JAT Holdings PLCහි කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසී ය.

නිශාල් ප්‍රදිනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ JAT Holdings සමාගම පසුකළ සුවිශේෂී සන්ධිස්ථානයන් අතරින්,මෑතකදී සිදුකළ මූලික කොටස් නිකුතුව සහ කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වීම ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම Harris බුරුසු සහ රෝලර් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා බලපත්‍ර ලබාගැනීමට JAT HoldingsPLCසමාගමට හැකියාව ලැබිණි. ඊටඅමතරව සමාගමේ ව්‍යාපාර කටයුතු අප්‍රිකාව වෙතදව්‍යාප්ත කරන ලද අතර, කෙන්යාව, උගන්ඩාව සහ ඝානාව යන රටවල කර්මාන්තශාලා ආරම්භ කරන ලදි.
සුවිශේෂීවිද්‍යුත් වාණිජ(e-commerce)ව්‍යාපාර ආකෘතියක් ඔස්සේ WHITE by JAT නමින් ඉහළම ප්‍රමියෙන් යුත් ඉමල්ෂන් තීන්ත එකතුවක් හඳුන්වා දීමද නිශාල් ප්‍රදිනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය. එමෙන්ම පසුගිය කාලය තුළ වෙළඳපොළේ මතු වූ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, JAT Care වෙළඳනාමයයටතේදෑත් පවිත්‍රකාරක සහ විෂබීජ නාශක ඇතුළු නව නිෂ්පාදන රැසක් හඳුන්වා දීමටද ඒ මහතා කටයුතු කළේ ය. ඊට පෙර, පාස්කු ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකයෙහි ඇතිවූ අවිනිශ්චිතතා හමුවේ පවා දක්ෂ ලෙස සමාගමමෙහෙයවමින්, කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කිරීමටද ඒ මහතාට හැකියාව ලැබිණි.

නිශාල් ප්‍රදිනාන්දු මහතා යටතේ JAT HoldingsPLC සමාගම දේශීය හා ජාත්‍යන්තර රැසකින් පිදුම් ලැබීමටද සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සම්මාන උළෙලේදී සමස්ත ජයග්‍රාහකයා කාණ්ඩයේ ලෝකඩ සම්මානය(2019) මෙන්ම, PETAL Paint සහ WHITE by JATවෙනුවෙන්දියත් කළඅලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා හිමිවූ ජාත්‍යන්තර සම්මාන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම එම කාලසීමාව තුළ, ආර්ථික අභියෝග හමුවේ පවා අඛණ්ඩව වසර 5 ක් ICRA MoodyA+ ශ්‍රේණිගත කිරීම පවත්වා ගැනීමට JAT HoldingsPLC සමත් වූ අතර, මූලික කොටස් නිකුතුවට පෙර එම සාර්ථකත්වය වාර්තා කළ ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික සමාගම JAT Holdings වීම විශේෂත්වයකි.

1993 වසරේ ආරම්භ වූ JAT Holdings සමාගම, එදා පටන්ම මෙරට දැව ආලේපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස වෙළඳපොළේ ඉදිරියෙන්ම සිටීමට සමත් වීඇත. අඛණ්ඩව වසර 4 ක් පුරා LMD මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම් 100 අතරට නම්කරනු ලැබූ එම සමාගම, Brand Finance හි විශිෂ්ටතම සමාගම් 20 ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 1 =