ඇමති බැසිල් සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අතර හමුවක්

(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ(02)නවදිල්ලි නුවරදී එම හමුව සිදු විය.

බැසිල් රාජපක්ෂ මහතා උණුසුම් ලෙසින් පිළිගත් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා, අතිශය සුහද සාකච්ඡාවක නිරත වූ අතර දෙරටේ උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කළේය.

ශ්‍රී අජිත් දොවාල් මහතා ඉන්දියාවේ පස්වැනි ජාතික ආරක්ෂක උපදේශකවරයාවන අතර ඔහු කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිලයක් දරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =