ගෑස් වෙළෙඳපොලට නිකුත් කිරීම අත්හිටුවයි

(ලංකාපුවත් | කොළඹ) – නැවත දැනුම් දෙන තුරු ගෑස්, වෙළෙඳපොලට නිකුත් නොකරන බව පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව ලිට්රෝ සමාගම නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

නමුත් මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ වෑගපිටියගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *